Friday, March 14, 2014

හා හා පුරා

හා හා පුරා කියල ඔන්න අපිත් පටන් ගත්තලු එකක්..
හැමදාම අනුන්ගේ ඒවා බලල හරියන්නෙත් නෑනේ ..

අපිටත් කියල යමක් කමක් හිතෙන්නේ නැත්තෙත් නෑනේ..

මේක මේ අද ඊයේ කොරන්න හිටපු වැඩක් හෙම නෙවෙයි ආයෙබන්ඩ..
මේ වැඩේ කොරන්න හිතාලා බොහෝම කල්.. 

කොහොමින් කොහොම හරි දින සති ගෙවිලා කල් ගත වීලා ඔන්න පස්සේ පස්සේ කියන එක අන්තිම පාරටත් කියල තමයි වැඩේ පටන් ගත්තේ...
ආයේ පස්සක් නෑ ඉතින්..



රොබින් සර්මද කවුද ඔහොම කියල තියනවලු www.robinsharma.com එකෙන් තමා හොයා ගත්තෙ..

එව්ව අපිට ඕන නෑ.. …
ඔන්න එහෙනම් අපිත් පට්ට්ට්ටාන් ගත්ත පුරු පුරු මී කතුරා මාලු කට්ටා.. …ඇරඹුමම කඳුලක් නොවී ගෙනියමු කොහොම හරි මේක ඉස්සරහට..

මගේ පොස්ට් වලින් ඔබේ කමෙන්ට් වලින් පෙරටම යමු..
දෙය්යනේ කියල සාර්ථක වෙන්න කියල ඔය පිටිපස්සෙ මල්ලිලා දෙන්න් බලන්න හොද සද්දයක්.

 …හා එලකිරි..

ඇතිනේ ඇරඹුම බලමුකො වැඩ කිඩ පස්සෙ...

 …එකෙන්ම මගේ බ්ලොග්ගුව සාර්ථක වේවා....!



6 comments:

  1. එල එල ජය වේවා
    මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරලා දාන්නෝ. කමෙන්ට් කරන්න එපා වෙනවා මේ මගුල එනකොට
    ෆලෝ ගැජට් එකකුත් දැම්ම නම් එල ඈ

    ReplyDelete
    Replies
    1. අයින් කරල දැම්මෝ.. ඔන්න ෆලෝ ගැජට් එකකුත් දැම්මා.. තැන්කු පෝ ද ප්‍රී ඇඩ්වයිස්..

      Delete
  2. ජය වේවා.. ජය ගොස නගන්නට නං රැදි සිටිය යුතුමය..

    ReplyDelete
    Replies
    1. අනිවා රැදී සිටිමි ආත්ම තෘප්තිය වෙනුවෙන්..

      Delete
  3. එකෙන්ම.... දිගටම ලියමු...

    ReplyDelete
  4. එල එහෙනම්ලියමු ..............දිගටම ඉමු

    ReplyDelete