Saturday, June 24, 2017

උමාඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු...!!!

උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමාඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ??
උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ.. උමාඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩාඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවරවෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි..හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ.. අලුතෙන් ජලාශ හදන්නෙ කුඩාඔය අලිකොටාර හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් ).. තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගාකරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගාකරන්න වතුර දෙනවා.. දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි.. දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක..
උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණදෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය.. මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහිකාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇතිවෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැඹේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමාඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම(රන්ටැඹේ පටන්ගන්නත් කලින් ඉඳන්ම) රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා.. ඒ ජලාශ දෙකතමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ.. මීට පහලින් උමාඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm)වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm)අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට.. මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමාඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජලවිදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරිනම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්.. මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..

මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලිබලය නිපදවන්නත්,රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොනතරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක. උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!! 


ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක..
උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා.. ඒ අතරෙ බරගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජලවිදුලිබලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජලවිදුලිබලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි. මේ තියෙන්නෙ ෆරබ් වෙබ් සයිට් එක.. Farab මේකට ගිහින් බලන්න පුලුවන් මුන් කරල තියන උමං සහිත මහාපරිමාණ ජලවිදුලි බලාගාර ගැන විස්තර.. ඒක හරිනේ දැන්..


ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑගහනවා... 
 උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යටවෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසිකෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..


ඊලඟ එක නැවත පදිංචිකිරීම්... මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරුකරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදනකොට වගේ තමයි... මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචිකලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..
අනෙක් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහාපරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..

පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...

දැන් එමු ප්‍රශ්නෙට.. ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යාකරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ.. තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්.. මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ.. ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දුවෙනවා ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජලමට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරිතැලීම් සිද්ද වෙනවා.. මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා.. එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!! ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!! මේ වෙද්දි අවස්ථා දෙකකදි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකියයුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්... ටනල් එක හදලා ඉවර වෙද්දි භූජලවිද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!!
මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතුවෙනවා...මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා.. සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්. ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජලවිදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම..
උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශකප්‍රදේශ විනාශවීමක්වත් වෙන්නෙ නෑ.. ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!

References

Chamikara S., Harischandra S.; Uma Oya Multipurpose Developmental Project   Violates Water Rights of the Uva Inhabitants ;Environment Conservation Trust

Dharmasena D.T.; Development of water resources of Uma Oya basin, The Island, 25.04.2008


Pathirana K.P.S.T. , ThanapathyR.M.A.D.S., Nandalal K.D.W. (2017) River Basin Modelling for Optimum Water Usage:  Uma Oya Downstream Development Area , ENGINEER - Vol. L, No. 02, pp. [11-19]

Ratnayesuraj C.R., Rifas K.M, Risly S. and Weerakoon S.B. (2015) Model study of sediment flushing in Rantambe reservoir. 3rd International Symposium on Advances in Civil and Environmental Engineering Practices for Sustainable Development (ACEPS – 2015), University of Ruhuna, Sri Lanka.

Revel N.M.T.K., Ranasiri L.P.G.R, Rathnayake R.M.C.R.K and Pathirana K.P.P. (2015) Estimation of sediment trap efficiency in reservoirs – an experimental study. Engineer, 48(2), 43-49

Rathnayake U., Suratissa D.M, Uma Oya multi-purpose development project, Sri Lanka; flood management and social impacts,Water New Zealand Annual Conference paper accessed through Research Gate

Uma Oya Multipurpose Development Project- Final Report – Nov 2010

Uma Oya Downstream Development Plan, Irrigation Department (PP&D)

Sunday, February 22, 2015

කොච්චර වේගෙන් දිව්වත් හාවට දිනන්න බෑ..

හම්මේ ලිව්වා ලිව්වා.. ඔන්න කතාවක් ලිව්වා.. ලෝක අමාරුවෙන් මතක් කරලා..
ඔන්න මචන් හාවෙකුයි ඉබ්බෙකුයි ඉන්නවා.
උන් දෙන්නා රේස් එකක් යන්නයි හදන්නෙ.
හාවා වේගෙන් දුවන නිසා ඉබ්බට පොඩි චාන්ස් එකක් දෙනවා අපි. ඌට හාවට වඩා ටිකක් ඉස්සරහින් පටන් ගන්න දීලා. උඹට කියන්න හාවා කොච්චර වේගෙන් දිව්වත් ඌට අර ඉබ්බව අල්ලන්න බෑ බොල.

හෑ.. ඒ කොහොමද??

ඔන්න තරඟෙ පටන් ගන්නවා.

 






 

1. හාවා ඉබ්බ අල්ලන්න අපි අර වැඩියෙන් ඉබ්බට චාන්ස් දුන්නු දුර දුවලා ඉබ්බ පටන් ගත්ත තැනට එද්දි ඉබ්බ එතනට වෙලා ඉන්නෙ නෑනෙ. ඌ ඉස්සරහට ගිහින්.

2.ඉතින් හාවා ආයෙ අර ඉබ්බ(1) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවද්දි ඉබ්බ තව ඉස්සරහට ගිහින්.

3.ඊට පස්සෙ හාවා ඉබ්බ(2) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.

4.ඊට පස්සෙ හාවා ඉබ්බ(3) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.

5.ඊට පස්සෙ හාවා ඉබ්බ(4) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.
 

6.ඊට පස්සෙ හාවා ඉබ්බ(5) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.


7. ඊට පස්සෙ හාවා ඉබ්බ(6) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.


8.ඉතින් හාවා ආයෙ අර ඉබ්බ(7) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවද්දි ඉබ්බ තව ඉස්සරහට ගිහින්.


9.ඊට පස්සෙ හාවා ඉබ්බ(8) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.
 

10.ඊට පස්සෙ හාවා ඉබ්බ(9) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.

11.ඊට පස්සෙ හාවා ඉබ්බ(10) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.
 

12.ඊට පස්සෙ හාවා ඉබ්බ(11) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.


13. ඊට පස්සෙ හාවා ඉබ්බ(12) දුවපු දුර අල්ලන්න දුවනවා. ඒ ටික දුවලා ඉවර වෙද්දි ඉබ්බ තව දුර ගිහින්.

.

..
...
....
.........

මේක හෙන දිගයි.. තාම හාවා දුවනවා ඉබ්බ අල්ලන්න..
ඔව් තාම දුවනවා..
ඒත්  හාවට ඉබ්බව මේ කපේදි අල්ලන්න වෙන්නෙ නෑ...
.

තර්කයට ගෝචර සියල්ල ඇත්ත නොවේ...!!!!!

Thursday, February 19, 2015

එක වසරයි

අරඹලා වසරකි.. දිනය හරියටම මතක නැත.. ලියන්නට දෙයක් නැත.. බුකියටම හිර වෙලා ඇත..
බුකියෙන් මිදෙමි.. බ්ලොගට මොනවා හෝ ලියමි.. අටමගලක් අටවා ඔහේ තැබීමෙන් පලක් නැත.. බුකියේ කොටන අකුරු උන්ටද පලක් නැත.. මටද පලක් නැත.. ආයේ හොයන්නටද නැත.. බ්ලොගේ මොනවා හෝ කොටමි.. හෙට සිට..

Wednesday, August 13, 2014

අශුභවාදියා

කාලෙකට ඉස්සර බාප්පලා ලොකු තාත්තලාගෙ 
බඩවල් පුරවපු මඤ්ඤොක්කා මන්ඩිය 
මැදින් මකුලත වැට ඉණි හිට උනා, 
කටු කම්බි ගැහුනා, 


ඊට පස්සෙ 
,
,
,
,
කටු කම්බි ගලවලා 
,
බ්ලොක් ගැඩොලෙන් 
කපරාරු නොකර 
තාප්පෙ බැන්දා
                             මැදින් පොඩි ගේට්ටුවක් දාලා, 


පස්සෙ පස්සෙ ගේට්ටුවත් රෑ වෙද්දි ලොක් උනා, 


සති ගානකට පස්සෙ දවසක තමයි ඔය ලොක් එක ඇරුනේ,

ඉස්සර හවසට
ඔක්කොම
වොලිබෝල් කෝඩ් එකට
එක්කහු වෙලා
බෝලෙ පේන්නැති වෙනකන්
බෝල ගැහුවා,

බාප්පගෙ ලොකු කොල්ලා දැන් 10 වසරේ
ඒකා දවසට වචන දහයකට වඩා කතාකරන්නෑලු
කාමරෙන් එලියට බහින්නෙ කන වෙලාවට විතරයිලු,

ආච්චි මගෙන් ඇහුවා
"මේ දරුවා දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න වෙයිද ලොකු පුතේ" කියලා පුන්චිට ඕක ඇහිලා ආච්චිට දෝස්මුර තිවුවා
"ඒ කොල්ලට ඇති පිස්සුවක් නෑ ඒකා ඉන්ජිනේරුවෙක් වෙන්න ඉගන ගන්නෙ" කියලා,

අනේ උගේ ඉන්ජිනේරුකන්
උගේ වැඩේම ගේම් ගහන එක,

------------------------------------------------------------------

පෙරේදා කට්ටියම වෑන් එකේ මළගෙදරක ගියා
ලොකු නැන්ද බැඳපු මාමගෙ මල්ලි
පිළිකාවක්,
අවුරුද්දක් වෙන්නෑලු බැඳලා,
අපේ සීයත් ගියා, සීයා තමයි පුවක් ගෙඩිය කපලා දුන්නෙ මගේ විටට,


සීයට දැන් අනූදෙකයි,

------------------------------------------------------------------

මිනිහා දියුණු වෙලාලු,
ලෝකෙ සංවර්ධනය වෙලාලු,
වෛද්‍ය විද්‍යාව දියුණුලු,
තාක්ශනේ දියුණුලු,
සමාජ වෙබ් අඩවිලු,
ජීවිතේ විඳින්නලු. (නැවතීමේ තිතද)





-------------------------------------------------------------------

Tuesday, August 12, 2014

නිව්ටන් සහ ගලේ බණ්ඩාර

ඇපල් බිම වැටෙන්නේ නිව්ටන් හින්දද ? 
නෑ....
නිවුටන් කලේ ඒක තේරුම් ගන්න "එක" ක්‍රමයක් කියපු එක විතරයි.
ඒක පාවිච්චි කරලා සැටලයිට් යැව්වා. 
දැන් එතකොට සැටලයිට් කක්ශගත වෙන්නේ නිවුටන් හන්දද? 
නෑ....
විද්‍යාව හින්දද ? 
ඒත් නෑ.. 
======================================================================

මිනිස්සු ඉපදෙන්නෙ මැරෙන්නෙ ග්‍රහ තාරකා හින්දද? 
නෑ...
 ග්‍රහ තාරකා වල පිහිටීමෙන් මිනිස්සුන්ගෙ ජීවිත වලට වෙන්න පුලුවන් හොඳ නරක ගැන ඉඟි දෙන්න පුලුවන්.. 
දැන් එතකොට ග්‍රහ තාරකාද මිනිස්සුන්ගෙ ජීවිත පාලනය කරන්නෙ?? 
අපෝ නෑ.. 
ජ්‍යෝතිශ්‍යද?? 
ඒත් නෑ.. 
=======================================================================

මඩහපොලට වැස්සෙ කපුවා හන්දද?? 
නෑ...
කපුවා කලේ වැස්ස වහින්න පූජාව කරන්නෝන විදිය කියලා පූජාව කරපු එක විතරයි.. 
දැන් එතකොට ඔය පූජාවල්ද වැස්ස පාලනය කරන්නේ?? 
අනේ නෑ ආයෙබොවන්ඩ....
එහෙනම් මන්තර ගුරුකම් බලි තොවිල්ද?? 
ඒත් නෑ....

  මඩහපොල... ඒ මොකද්ද??? 
බැලුවෙ නැද්ද වීඩියෝව.. මේ තියෙන්නෙ.. …


 

---------------------------------------------------------------------------------


බස් එක

ඩ්‍රයිවර්ට... 
යතුර දාලා ස්ටාර්ට් කරලා ක්ලච් එක පාගලා ගියර් දාගෙන ඉස්සරහ යන එකායි පස්සෙන් එන එකායි ගැන හිතේ තියාගෙන හප්පගන්නෙ නැතුව පාරෙ යන්න ඕන වාහනයක් 
මුදලාලිට... 
ලීසින් ගෙවාගෙන පඩිනඩි බේරලා නඩත්තු කරලා ලාබයක් ගන්න ඕන ව්‍යාපාරයක් 
අපිට... 
සල්ලි දීලා ටිකට් අරන් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා පුලුවන් තරම් ඉක්මනට ගමනාන්තෙට යාගන්න ඕන ප්‍රවාහන මාද්‍යයක් 
මැකෑනික්ට.. 
ගියර් වීල්, පිස්ටන්, දුනුකොල,කේබල්, ගානට ටියුන් වෙච්ච එන්ජිම 

------------------------------------------------------------------------------------

එතකොට විද්‍යාව බොරුද?? ජ්‍යෝතිශ්‍යය බොරුද?? මන්තර ගුරුකම් බොරුද?? 
නෑ ඒවා එකක්වත් බොරු නෙවෙයි. 
ඔන්න ඔතනදි තමයි බුදුන් වහන්සේ දෙසූ සද්ධර්මය පහල වෙන්නේ.. 
අර කලින් කිව් එකක්වත් බොරු නෙවෙයි.. හැබැයි ශ්‍රී සද්ධර්මය තරම් වැඩක් නෑ... 
සසර පැවැත්මට හොඳයි නැවැත්මට නෙවෙයි. ------------------------------------------------------------------------------------

Monday, April 21, 2014

ඇවිද්ද පය ......: සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තා...

ඇවිද්ද පය ......: සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තා...: මගේ අවුරුදු පහකටත් වැඩි ෆේස්බුක් සමාජ ජාල ගිණුමට මම යොදා ගත්තේ මගේ ඇත්තම නම. මුල් කාලයේදී ඒ ගැන කිසිම අවුබෝධයක් තිබුණේ නෑ. ටිකක් කල් යත්දී...