Wednesday, August 13, 2014

අශුභවාදියා

කාලෙකට ඉස්සර බාප්පලා ලොකු තාත්තලාගෙ 
බඩවල් පුරවපු මඤ්ඤොක්කා මන්ඩිය 
මැදින් මකුලත වැට ඉණි හිට උනා, 
කටු කම්බි ගැහුනා, 


ඊට පස්සෙ 
,
,
,
,
කටු කම්බි ගලවලා 
,
බ්ලොක් ගැඩොලෙන් 
කපරාරු නොකර 
තාප්පෙ බැන්දා
                             මැදින් පොඩි ගේට්ටුවක් දාලා, 


පස්සෙ පස්සෙ ගේට්ටුවත් රෑ වෙද්දි ලොක් උනා, 


සති ගානකට පස්සෙ දවසක තමයි ඔය ලොක් එක ඇරුනේ,

ඉස්සර හවසට
ඔක්කොම
වොලිබෝල් කෝඩ් එකට
එක්කහු වෙලා
බෝලෙ පේන්නැති වෙනකන්
බෝල ගැහුවා,

බාප්පගෙ ලොකු කොල්ලා දැන් 10 වසරේ
ඒකා දවසට වචන දහයකට වඩා කතාකරන්නෑලු
කාමරෙන් එලියට බහින්නෙ කන වෙලාවට විතරයිලු,

ආච්චි මගෙන් ඇහුවා
"මේ දරුවා දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න වෙයිද ලොකු පුතේ" කියලා පුන්චිට ඕක ඇහිලා ආච්චිට දෝස්මුර තිවුවා
"ඒ කොල්ලට ඇති පිස්සුවක් නෑ ඒකා ඉන්ජිනේරුවෙක් වෙන්න ඉගන ගන්නෙ" කියලා,

අනේ උගේ ඉන්ජිනේරුකන්
උගේ වැඩේම ගේම් ගහන එක,

------------------------------------------------------------------

පෙරේදා කට්ටියම වෑන් එකේ මළගෙදරක ගියා
ලොකු නැන්ද බැඳපු මාමගෙ මල්ලි
පිළිකාවක්,
අවුරුද්දක් වෙන්නෑලු බැඳලා,
අපේ සීයත් ගියා, සීයා තමයි පුවක් ගෙඩිය කපලා දුන්නෙ මගේ විටට,


සීයට දැන් අනූදෙකයි,

------------------------------------------------------------------

මිනිහා දියුණු වෙලාලු,
ලෝකෙ සංවර්ධනය වෙලාලු,
වෛද්‍ය විද්‍යාව දියුණුලු,
තාක්ශනේ දියුණුලු,
සමාජ වෙබ් අඩවිලු,
ජීවිතේ විඳින්නලු. (නැවතීමේ තිතද)





-------------------------------------------------------------------

Tuesday, August 12, 2014

නිව්ටන් සහ ගලේ බණ්ඩාර

ඇපල් බිම වැටෙන්නේ නිව්ටන් හින්දද ? 
නෑ....
නිවුටන් කලේ ඒක තේරුම් ගන්න "එක" ක්‍රමයක් කියපු එක විතරයි.
ඒක පාවිච්චි කරලා සැටලයිට් යැව්වා. 
දැන් එතකොට සැටලයිට් කක්ශගත වෙන්නේ නිවුටන් හන්දද? 
නෑ....
විද්‍යාව හින්දද ? 
ඒත් නෑ.. 
======================================================================

මිනිස්සු ඉපදෙන්නෙ මැරෙන්නෙ ග්‍රහ තාරකා හින්දද? 
නෑ...
 ග්‍රහ තාරකා වල පිහිටීමෙන් මිනිස්සුන්ගෙ ජීවිත වලට වෙන්න පුලුවන් හොඳ නරක ගැන ඉඟි දෙන්න පුලුවන්.. 
දැන් එතකොට ග්‍රහ තාරකාද මිනිස්සුන්ගෙ ජීවිත පාලනය කරන්නෙ?? 
අපෝ නෑ.. 
ජ්‍යෝතිශ්‍යද?? 
ඒත් නෑ.. 
=======================================================================

මඩහපොලට වැස්සෙ කපුවා හන්දද?? 
නෑ...
කපුවා කලේ වැස්ස වහින්න පූජාව කරන්නෝන විදිය කියලා පූජාව කරපු එක විතරයි.. 
දැන් එතකොට ඔය පූජාවල්ද වැස්ස පාලනය කරන්නේ?? 
අනේ නෑ ආයෙබොවන්ඩ....
එහෙනම් මන්තර ගුරුකම් බලි තොවිල්ද?? 
ඒත් නෑ....

  මඩහපොල... ඒ මොකද්ද??? 
බැලුවෙ නැද්ද වීඩියෝව.. මේ තියෙන්නෙ.. …


 

---------------------------------------------------------------------------------


බස් එක

ඩ්‍රයිවර්ට... 
යතුර දාලා ස්ටාර්ට් කරලා ක්ලච් එක පාගලා ගියර් දාගෙන ඉස්සරහ යන එකායි පස්සෙන් එන එකායි ගැන හිතේ තියාගෙන හප්පගන්නෙ නැතුව පාරෙ යන්න ඕන වාහනයක් 
මුදලාලිට... 
ලීසින් ගෙවාගෙන පඩිනඩි බේරලා නඩත්තු කරලා ලාබයක් ගන්න ඕන ව්‍යාපාරයක් 
අපිට... 
සල්ලි දීලා ටිකට් අරන් සීට් එකක් හොයාගෙන වාඩි වෙලා පුලුවන් තරම් ඉක්මනට ගමනාන්තෙට යාගන්න ඕන ප්‍රවාහන මාද්‍යයක් 
මැකෑනික්ට.. 
ගියර් වීල්, පිස්ටන්, දුනුකොල,කේබල්, ගානට ටියුන් වෙච්ච එන්ජිම 

------------------------------------------------------------------------------------

එතකොට විද්‍යාව බොරුද?? ජ්‍යෝතිශ්‍යය බොරුද?? මන්තර ගුරුකම් බොරුද?? 
නෑ ඒවා එකක්වත් බොරු නෙවෙයි. 
ඔන්න ඔතනදි තමයි බුදුන් වහන්සේ දෙසූ සද්ධර්මය පහල වෙන්නේ.. 
අර කලින් කිව් එකක්වත් බොරු නෙවෙයි.. හැබැයි ශ්‍රී සද්ධර්මය තරම් වැඩක් නෑ... 
සසර පැවැත්මට හොඳයි නැවැත්මට නෙවෙයි. ------------------------------------------------------------------------------------

Monday, April 21, 2014

ඇවිද්ද පය ......: සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තා...

ඇවිද්ද පය ......: සමාජ ජාල සඳහා අපූරු නම් තෝරා ගන්නා ශ්‍රී ලාංකික තා...: මගේ අවුරුදු පහකටත් වැඩි ෆේස්බුක් සමාජ ජාල ගිණුමට මම යොදා ගත්තේ මගේ ඇත්තම නම. මුල් කාලයේදී ඒ ගැන කිසිම අවුබෝධයක් තිබුණේ නෑ. ටිකක් කල් යත්දී...

Friday, March 14, 2014

හා හා පුරා

හා හා පුරා කියල ඔන්න අපිත් පටන් ගත්තලු එකක්..
හැමදාම අනුන්ගේ ඒවා බලල හරියන්නෙත් නෑනේ ..

අපිටත් කියල යමක් කමක් හිතෙන්නේ නැත්තෙත් නෑනේ..

මේක මේ අද ඊයේ කොරන්න හිටපු වැඩක් හෙම නෙවෙයි ආයෙබන්ඩ..
මේ වැඩේ කොරන්න හිතාලා බොහෝම කල්.. 

කොහොමින් කොහොම හරි දින සති ගෙවිලා කල් ගත වීලා ඔන්න පස්සේ පස්සේ කියන එක අන්තිම පාරටත් කියල තමයි වැඩේ පටන් ගත්තේ...
ආයේ පස්සක් නෑ ඉතින්..



රොබින් සර්මද කවුද ඔහොම කියල තියනවලු www.robinsharma.com එකෙන් තමා හොයා ගත්තෙ..

එව්ව අපිට ඕන නෑ.. …
ඔන්න එහෙනම් අපිත් පට්ට්ට්ටාන් ගත්ත පුරු පුරු මී කතුරා මාලු කට්ටා.. …ඇරඹුමම කඳුලක් නොවී ගෙනියමු කොහොම හරි මේක ඉස්සරහට..

මගේ පොස්ට් වලින් ඔබේ කමෙන්ට් වලින් පෙරටම යමු..
දෙය්යනේ කියල සාර්ථක වෙන්න කියල ඔය පිටිපස්සෙ මල්ලිලා දෙන්න් බලන්න හොද සද්දයක්.

 …හා එලකිරි..

ඇතිනේ ඇරඹුම බලමුකො වැඩ කිඩ පස්සෙ...

 …එකෙන්ම මගේ බ්ලොග්ගුව සාර්ථක වේවා....!



Thursday, March 13, 2014

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒකාලේ......

අපිට හිතෙනව නේද එක එක දේවල් කරල සතුටු වෙන්න..

හොදට ඉගන ගන්න....
ගොඩාක් සල්ලි හොයන්න..
පට්ට නිදහස්ව ඉන්න.. 
ගොඩාක් ආදරේ කරන්න....
හැමෝගෙම ආදරේ ලබන්න...

ඒ අතර එක්කෙනෙක්ගෙ ආදරේ වැඩියෙන් ලබන්න, එයාට පණට වඩා ආදරේ කරන්න, එයාගෙ පණටත් වඩා ආදරේ ලබන්න...

සුපිරි හෝටල් වලින් හිතේ හැටියට කන්න.. ජම්බො පීනට්, ටිපි ටිප්, කිලෝ දෙකක් විතර අරගෙන තනියම එපා වෙනතුරු කන්න..
කුඹුක් ගහ ලඟ ලිඳෙන් සීතල වතුර ටිකක් නා ගන්න.. අම්ම හදපු සුදු බත් පොල් සම්බෝල මාලු ඇඹුල් තියල් එලිපත්තෙ බිම වාඩි වෙලා කන්න..

හැමෝම ගරු කරන කෙනෙක් වෙන්න. හැමෝටම ආදර්ශමත් රෝල් මොඩල් එකක් වෙන්න..
අඳුරන කවුරුවත් නැති පැත්තක ගිහින් පාඩුවෙ ඉන්න. යාලුවො එක්ක පාරෙ යද්දි කවුරු දැක්කත් මට මොකද කියල පට්ට පිස්සු වැඩ කරන්න...

ගොයම් කැපුවට පස්සේ ඉපනැල්ලේ මුලු දවසෙම එල්ලෙ ගහන්න...
ආදරේම සෙට් එක එක්ක ට්‍රිප් යන්න.. කොංගො ගිටාර් එක්ක දන්න සිංදු ඔක්කොම කියන්න. නටන්න... හැන්දෑවට බටනලාව එක්ක තනි වෙන්න.. ඇල ලඟ බෝක්කුව උඩ වාඩි වෙලා අහස දිහා ඔහේ බලාගෙන ඉන්න...

පට්ට ඩීසන්ට් ජොබ් එකක් කරන්න. හොඳ වාහනයක් ගන්න.. ඒ වාහනෙන් ගමේ ඇවිත් අම්මලගේ මූණෙ මතුවෙන ආඩම්බරකම බලන්න.... හිතේ හැටියට සල්ලි හම්බ කරන්න... ඇදුම් ගොඩාක් ගන්න...

 කොල්ලො සෙට් වෙලා පලු යන්න බොන්න... ගංජා ගහල පිස්සු විකාර හිතන්න.. මොන මගුලක් ගැනවත් නොහිත ආතල් එකේ ඉන්න.....
 වගකීමක් අරන් වැඩක් කරන්න. ලෙසටම ඕගනයිස් කරල පට්ට ඉවෙන්ට් එකක් කරන්න..
කිසිම වගකීමක් නැතුව නිදහසේ ඉන්න.. තමන්ගෙ පාඩුවෙ නිදහස විදින්න... මොන තරම් ලියුවත් ඉවරයක් නෑ මේකෙ.......


(පින්තුරෙ ගත්තෙ  wallpapers.brothersoft.com)

                                                                       
 අපිට හිතෙනවා අර දේ කරල බලන්න ඕන,මේ දේ කරන්න ඕන මට ඒකෙන් සතුටු වෙන්න පුලුවන් කියල... 
ඒත් අපි මේ සසරේ නොකරපු දෙයක් නෑ.... 
නොගත්ත ආතල් එකක් නෑ.., 
නොකාපු කට්ටක් නෑ.... 
නොගත්ත ක්‍රෙඩිට් එකක් නෑ... 
නොවුණු නෝණ්ඩියක් නෑ... 
ජීවිතේ නස්තාර් වෙලා යන එන මං නැතුව ගිහින් ඇති අනන්ත... 
පට්ට සල්ලි කාරයො වෙලා ජීවිත කාලෙම සල්ලි මත්තෙම නැහෙන්න ඇති අනන්ත... 
ආදරේ විදින්න ඇති සාගරේ තරම්... 
බූට් කන්න ඇති අනන්තයක්... 
පොඩ්ඩක් අමතක වෙලා තියෙන්නෙ... ආයෙත් අරක කරල බලන්න ඕන මේක කරල බලන්න ඕන කියල කලත් අපි එකම තැන කැරකෙන්නේ......


 වෙන මොකුත් නෙවෙයි

   බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒකාලේ......




ඔය තියෙන්නෙ සින්දුව කැමති කැමති ඇත්තො අසත්වා...!